අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව ඉහළ දැමීමට කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 8 කට අඩු ළමයෙකුට අපරාධ වගකීම පැවරීමේ හැකියාව වයස අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමටයි තීරණය කර ඇත්තේ.
වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14 ට අඩු ළමයෙකු සම්බන්ධයෙන් වන විට චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීමේ දී එහි බැරෑරුම්කම තේරුම් ගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට තිබුණේ ද යන්න පිළිබඳ තීරණය කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයාට ලබා දීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දි තිබෙනවා.
විද්‍යාත්මක පදනමක් මත අදාළ මතයට එළඹීමට විශේෂඥ සහාය ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයාට මෙවැනි අවස්ථාවක දී හැකි වීම සඳහා එකී ළමයා රජයේ වෛද්‍ය නිලධාරීවෙකු විසින් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි අදාළ විදිවිධාන සළසමින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් , ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත.