Friday, December 27, 2024

General line - 0115112241

පසුපෙළ මන්ත්‍රීවරු පසු බසී

නිශාන් ද සිල්වා




තනි ආණ්ඩුවක් බිහි කිරීමේ උත්සහය අත්හැරීමට සිදු වූ බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පවසනවා. කෙසේ වෙතත් නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, බන්දුලාල් බණ්ඩාරිගොඩ වැනි මන්ත‍්‍රීවරුන් මීට පෙර අවධාරණය කර තිබුණේ අනිවාරයෙන්ම එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් බිහි කිරීමට සූදානම් බවයි. ඔවුන් මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති විශේෂ සාකච්ඡුාවකින් අනතුරුවයි.

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවකට අග‍්‍රාමාත්‍යවරයා ද එකග වූ බව එහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ තනි ආණ්ඩුවක් නොව ජාතික ආණ්ඩුවම තවදුරටත් පවත්වාගෙන යන බවයි.