Friday, October 18, 2024

General line - 0115112241

පොලිසියේදී 10 හැවිරිදි දරුවාට පහරදුන් පියාට වුණ දේ

ජූඩ් සමන්ත




දස හැවිරිදි තම දරුවාට වෙන්නප්පුව පොලිස් ස්ථානයේ දී ජංගම දුරකතනයකින් පහරදුන් බවට චෝදනා එල්ල වූ පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහ ඔහුගේ බිරිඳ පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් විභාග කිරීමටයි.

කලක් ඉතාලියේ ජීවත් වී ඇති ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු තමාට තාඩන පීඩනවලට මුහුණදීමට සිදුව ඇති බව බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා. ඇය පොලිසියට පැමිණ ඇත්තේ සිය දරුවා ද සමගයි. ඒ අවස්ථාවේ සැකකාර පියා දරුවාට පහරදී  ඇති අතර පැමිණිල්ල විභාග කිරීම පසෙක තබා පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.