Friday, October 18, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශය ගැන නිල තීරණයක් නැහැ! අගමැතිගේ ප්‍රකාශය සවස 4.00ට

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16) දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ඇති බවට වාර්තා පළ වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු නිල තීරණයක් මෙතෙක් වාර්තා වී නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ද ඉකුත් දින කිහිපයේ ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවයි.

රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ අවසන් ස්ථාවරය ප‍්‍රකාශයට පත් කරන බවයි පැවසුනේ. එහෙත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය පිිළිබඳ අද දහවල් 12 වන තුරු කිසිදු නිල ප‍්‍රකාශයක් හෝ දැනුම් දීමක් සිදුවූයේ නැහැ. 

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද සවස 4ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර අවසන්. කොළඹ අරලියගහ මන්දිරයේ දී එය සිදු කිරීමට නියමිතයි.