Sunday, September 8, 2024

General line - 0115112241

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අගමැති සමග සාකච්ඡාවක

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (16) උදෑසන ඇරඹුණා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අවධාරණය කර ඇත්තේ මන්ත‍්‍රීවරුන් 106 දෙනෙකු පමණක් සිටිය ද තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි. 

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද සවස 4ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නියමිත බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර අවසන්. අරලියගහ මන්දිරයේ දී එය සිදු කිරීමට නියමිතයි. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ද ඉකුත් දින කිහිපයේ ප‍්‍රකාශ කළා.