Friday, October 18, 2024

General line - 0115112241

රුපියලටත් බලපෑම් එල්ල කරන රටේ වත්මන් දේශපාලනය

හේමන්ත කහවලගේ/ නිශාන් ද සිල්වා




රුපියලේ අගයේ සිදු වූ අවප්‍රමාණය වත්මන් දේශපාලන අර්බුදය අවසන් වන තෙක් පවතිනු ඇතැයි ආර්ථීක විචාරකයින් පවසනවා. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේ දී ගැටළු රැසක් මතුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ මේ හේතුවෙන් ඉහළ ගිය වාහන මිල ගණන් ද තත්වය යහපත් වන තුරු පවතිනු ඇති බවයි.

රුපියල අව ප්‍රමාණය වීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ද බලපෑමක් සිදු වනු ඇත්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. ඒ පිළිබඳ අදහස් දක්වමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ සුළු බලපෑමක් ඇති විය හැකි බවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (16) සටහන් වූයේ රුපියල් 156යි ශත 67ක් ලෙසයි.