Sunday, September 8, 2024

General line - 0115112241

රටේ ව්‍යවස්ථාවට අනුව අගමැති ධූරයේ ඉන්නවා - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

වසන්ත පිවිතුරු /සජිත් තිලකරත්න




රට තුල පවතින දේශපාලන අර්බුද හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විවිධ මත පසුගිය දින කිහිපයක් පුරා මෙරට දේශපාලන කරලිය උණුසුම් කරමින් තිබුණා.

එම උණුසුමට විරාමයක් තබමින් අග්‍රාමාත්‍යවරයා අද (16) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරිම සඳහා අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අළුත් මුහුණුවරකින් යුත්තව අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් ආණ්ඩුව  පවත්වාගෙන යන බවයි.

අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ දී බහුතර බලය පෙන්වීමට තමන් සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

දර්ශන අනුග්‍රහය - සජිත් තිලකරත්න