Friday, December 27, 2024

General line - 0115112241

ජාලිය වික්‍රමසූරියට වරෙන්තු

අධිකරණ වාර්තාකරු




අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යළි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) යළි වරෙන්න්තු නිකුත් කළා. ඒ, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාස 4ක කාලයක් අමෙරිකාවට පිටත්ව ගියද පොරොන්දු වූ පරිදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනිමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිඛෙනවා.

සැකකරුගේ බිරි ඇතුළු ශරීර ඇපකරුවන් දෙදෙනා අද (16) අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔවුන් ද අත්අඩංගුවට ගන්නා ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙහිදී නියෝග කළේ.