Sunday, September 8, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ සභාපති හා කථානායකවරයා අතර හමුවක්




අවශ්‍ය වන්නේ නම් ඇතැම් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයේ සියයට 25% සීමාව පිළිබඳ යම් සංශෝධනයක් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබෙනවා.

කථානායක කරු ජයසූරිය හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර අද (16) විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදුවුණා.

කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලබන සතියේ පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස සභාපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

ඊට අදාළව වාර්තාවක් යොමු කරන ලෙස කථානායක කරු ජයසූරිය මැතිවරණ කොමිසමේ  සභාපති මහින්ද දේශප්‍රියට මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තම කාර්ය භාරය කුමක්ද යන්න අවබෝධයෙන් යුතුව සෑම විටම ශක්තිය ලබාදීම පිළිබඳව කතානායකවරයා වෙත සිය ස්තූතිය මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පලකරනු ලැබුවා.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය වශයෙන් මැතිවරණ ප්‍රතිඵල අදාල ප්‍රදේශවලට නිකුත් කළ නමුත්, මාධ්‍ය මගින් නිල ප්‍රතිඵල නිකුත් කිරිමේ දී පරිගණක පද්ධතියේ ඇති වූ දෝශ හේතුවෙන් ප්‍රමාදයන් පිළිබඳව කණගාටු ප්‍රකාශ කරන බවද මැතිවරණ කොමිසිමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.