Sunday, September 8, 2024

General line - 0115112241

හිටපු ක්‍රීඩා ඇමතිගේ පෙත්සමක් සඳුදා විභාගයට

අධිකරණ වාර්තාකරු




නීති විරොධී ලෙස, අයථා ලෙස උපයාගත් මුදල් වලින් කොළඹ 07, කිංසි පාරේ පිහිටි නිවසක් රුපියල් මිලියන 27 ට මිලදී ගෙන ඇති බවට වන  සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරනයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට නොගෙන කොළඹ මහාධිකරනයේ වෙනත් උසාවියකට මාරු කරන ලෙසට ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළා.

 

 

පසුගිය ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ  වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල්  වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චොදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහි නඩුව ද විභාග කර තීන්දුව ලබා දුන්නේ විනිසුරු ගිහාන් කුලතුංග විසින්.

 

මෙම පෙත්සම ලබන සදුදා (19) අභියාචනාධිකරණයේදී කැඳවීමට නියමිතයි.

 

තමාට එරෙහි  නඩුව දැනට විභාගයට ගැනීමට ගිහාන් කුලතුංග විනිසුරුවරයා නියෝග කර ඇති බවත් එම නඩුව සම්බන්ධයෙන් ඉදිරි නඩු කටයුතු එම විනිසුරුවරයා විසින් සිදු නොකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ද  හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙම  පෙත්සමෙන් ඉල්ලා සිටියා.

 

විනිසුරු ගිහාන් කුලතුංග පසුගිය රජය සමයේ සිදු වූවා යැයි කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විනිසුරුවරයකු ලෙසට කටයුතු කර ඇති බැවින් ඔහු ඉදිරියේ පවතින නඩුවකින් සාධාරණයක් ඉෂ්ඨ වේයැයි අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු සිය පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ.