Friday, October 18, 2024

General line - 0115112241

වයස්ගත තැනැත්තෙක් බම්බලපිටියේදී දිවි නහ ගනී




බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු අද (17) පෙරවරුවේ දුම්රියට පැන සිය දිවි හානි කර ගෙන තිබෙනවා. ඔහු මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇත්තේ පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියකට පැනීමෙන්ය.

වයස අවුරුදු 60ක් පමණ වන එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ. ඔහුගේ මෘත ශරීරය එම දුම්රියෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.