Sunday, September 8, 2024

General line - 0115112241

පුත්තලම දිස්ත්‍රික්කයේ දෙලක්ෂයකට නියඟයෙන් පීඩා

ජූඩ් සමන්ත - හලාවත




පවතින නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙලක්ෂ දහසය දහස් දහ අට දෙනෙකු පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. එම ඒකකය පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11ක පවුල් 66,436ක පුද්ගලයින් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි.

හලාවත, මහකුඹුක්කඩවල, පල්ලම, කරුවලගස්වැව සහ ආණමඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින්ට ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

පීඩාවට පත් පුද්ගලයින්ට පානීය ජලය බෙදා හැරීම සඳහා ජල බවුසර් 35ක් පමණ යොදවා ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.