Wednesday, January 8, 2025

General line - 0115112241

පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් ඇල්ලූ තිදෙනෙකු නාවික හමුදා භාරයට




 

නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

ඒ, මන්නාරම ඕලු‍තුඩුවායි මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදීයි. 

එහිදී නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර, ඇල්ලූ මත්ස්‍යයින් තොගයක් සහ ඩිංගි යාත්‍රාව ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. 

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්, ඩිංගි යාත්‍රාව, සහ මත්ස්‍යයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.