Wednesday, January 8, 2025

General line - 0115112241

මෝදි සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානියා අතර හමුවක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ඉන්දියාවේ මයික්‍රොසොෆ්ට් හි නව ආයෝජන සැලසුම් පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි සිය සතුට ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා දින තුනක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර ඊට සමගාමීව මෙම හමුව සිදු වුණා.

එහිදී නඩෙල්ලා අගමැති මෝදිගේ නායකත්වය සහ කැපවීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කර තිබෙනවා.

AI ඔස්සේ සෑම ඉන්දියානු ප්‍රතිලාභ සහතික කිරීම සඳහා රට තුළ අඛණ්ඩ ව්‍යාප්තිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බව ද ඔහු පවසා ඇතැයි සඳහන්. 

සිය ඉන්දියානු සංචාරයේදී නඩෙලා, බැංගලෝර් සහ දිල්ලි හි කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මයික්‍රොසොෆ්ට් හි ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් ඇමතීමට ද නියමිතයි