Sunday, September 8, 2024

General line - 0115112241

පාදෙණියේ අනතුරකින් කාන්තාවක් මරුට




වාරියපොළ පාදෙණිය බස් නැවතුම්පොල අසළ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ කාන්තාව ලංගම බස් රථයකට නැගීමට උත්සහ දැරීමේ දී බස් රථය එක්වරම ධාවනය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ පාදෙණිය වීරගහමුල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවක්.

බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.