Friday, October 18, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

ටෝනි කරුණානායක - ගම්පහ




නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අද (17) අත්අඩංගුවට ගැණුනා.

, ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. සැකකරු මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක්. ඔහු 2012 වසරේ දී තවත් 44 දෙනෙකු සමග නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දහවල් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.