Sunday, September 8, 2024

General line - 0115112241

සීමා නිර්ණය කමිටු වාර්තාවේ වත්මන් තත්ත්වය මෙන්න

හේමන්ත කහවලගේ




මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සහා කොට්ඨාස බෙදාවෙන් කිරීමට පත් කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව සකස් කර අවසන් කර තිබෙනවා. එම වාර්තාව ඉකුත් 14 වනදා විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙත භාරදීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයා එදින කාර්යාලයේ රැඳී නොසිටි බව එම සීමා නිර්ණ කමිටු ආරංචි මාර්ග කියා සිටියා. පසුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සීමා නිර්ණ කමිටුව වෙත දැනුම් දී ඇත්තේ අදාළ වාර්තාවේ කෙටුම්පත පිළිබ දේශපාලන පක්ෂ සම සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

එහෙත් එය පළාත් සභා ඡන්ද විමසීම් ආඥා පනතේ විධි විධානවලට පටහැනි වනවා. ඒ හේතුවෙන් අදාළ වාර්තාව භාරදීම සහා ලබන සඳුදා පැමිණෙන බවයි පළාත් සභා සීමා නිර්ණ කමිටුව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපාට දැනුම් දී ඇත්තේ. 

ආචාර්ය කනකරත්නම් තවුලිංගම්, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එස් එච් හස්බුල්ලා, කථීකාචාර්ය විජය සන්දිරන් හා විශ්‍රාමික අතිරේක මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලත සිරිවර්ධන යන අය එම සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළා.