Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති, හිටපු ජනපති හා අගමැතිට අස්ගිරි පාර්ශවයෙනුත් දැනුම් දීමක්

හේරත් ඒකනායක - මහනුවර




ස්ථාවර රජයක් පවත්වා ගෙන යාම සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයාද මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

සියලූ දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන පක්ෂවල බලය තහවුරු කර ගැනීමට පෙර රටේ අභිවෘද්ධිය ගැන සිතා කටයුතු කිරීම වර්තමානයේදී වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර රටේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ (16) ලිපියක් යොමු කළා.