එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර, අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව ගැන තරුණ අමාත්‍යවරයෙකු වන හරීන් ප්‍රනාන්දු අදහස් පළ කරනවා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ "නායකතුමාව අපි වෙනස් කරන්න ඕනේ නෑ..නායකතුමා විසින් වෙනස් වෙයි. අලුත් සංකල්පයක් අපි ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පක්ෂය තරුණ කණ්ඩායමකට භාර දෙයි කියන විශ්වාසය අපි තුළ තියෙනවා. ලබන මාසේ වෙන්න කලින් අපිට අලුත් විදිහේ ගමනක් යන්න පුළුවන් වෙයි." යනුවෙනි.