Tuesday, January 7, 2025

General line - 0115112241

නඩත්තු කටයුත්ත අතරතුර සේවකයාට විදුලි සැර වැදුණු හැටි සොයා පරීක්ෂණ

කසුන් කැලුම්




ගාල්ල රත්ගම සිරිකඳුරවත්ත ප‍්‍රදේශයේ නඩත්තු කටයුත්තක් අතරතුරදී විදුලි සේවකයෙකු විදුලි සැර වැදී මියයාම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අනතුරින් මියගොස් තිබුණේ කොන්ත‍්‍රාත් පදනම මත ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත 39 හැවිරිදි පුද්ගලයෙක්.

නඩත්තු කටයුත්ත නිම වන තුරු තාවකාලිකව විසන්ධි කර තිබූ විදුලිබලය, යළි කි‍්‍රයාත්මක කිරීමත් සමග විදුලි සැර වැදී මරණය සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගෝනපිනුවල විදුලි උප පොලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.