Tuesday, January 7, 2025

General line - 0115112241

දුම්වැටි සම්බන්ධ තහනමක් අප්‍රේල් සිට




දුම්වැටි සම්බන්ධයෙන් පනවන ලද තහනමක් එළඹෙන මස 07 වැනිදා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සූදානම් වනවා. 

ඒ අනුව පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙව් කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 07 දින ප්‍රකාශයට පත් කිරීමටයි සුව ඇමැති සූදානම් වන්නේ.

අප්‍රේල් මස 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව මෙම තහනමද ක්‍රියාත්මක වෙනු ඇති.

පාසල් අවට මීටර් 500 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුන ද එය මේ වනවිට මීටර් 100 දක්වා අඩු කර තිබෙනවා.

තවද වයස අවුරුදු 18 ට අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීම තහනම් කිරීමේ නියෝගය වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරියේ දී ලබාගැනීමට නියමිතයි.

පාසල් අවට මීටර් 100 දුරින් දුම්වැටි අලෙවි කිරීම නතර කිරිම සදහා වූ වැඩපිළිවෙල පිළිබදව දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකොන් සෞඛ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ලිපියක් ද පහතින් දැක්වෙයි.