මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ වීරකැටිය උඩයාල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
"බැඳුම්කර සිද්ධිය..මේ රටේ වෙච්ච දැවැන්ත මූල්‍ය වංචාව..ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබුණේ නෑ..මේ සිද්ධියේ ප්‍රධාන චූදිතයින් දෙන්නාම දැන් හිරේ ඉන්නේ..ඒ වගේම හිටපු මහ බැංකු අධිපතිවරයා දැන් රට පැනලා ඉන්නවා. හැබැයි එයා කොයි රටේ හිටියත්..කාගේ ආශීර්වාදය තිබුණත් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම දඬුවම් ලබා දෙනවා."
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි කැබිනට් සංශෝධනය ඉදිරි සතියක් ඇතුළත සිදු වේ යෑයි බලාපොරොත්තු වෙන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.