Tuesday, January 7, 2025

General line - 0115112241

"සමහර තරුණ කණ්ඩායම්වලට හිතන්නවත් බැරි ගැටලු ආවා" 

ඉෂාර සුපෙම් මානගේ




ගමට කෝටියක් වැඩසටහන තුළින්  ගමේ තරුණ තරුණියන්ගේ කණ්ඩායම් හැගීම,  අභියෝග ජයගැනීම හා ගැටළු කළමනාකරණය කිරීමට තරුණ තරුණියන් හුරුකරවීමටද හැකි වූ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පවසනවා.

ජාතික තරුණසේවා සභාව මගින් ක්‍රියාත්මක ගමට කෝටියක් වැඩසටහන යටතේ විශේෂ සංවර්ධන ව්‍යාපෘති 3000ක් ක්‍රියාත්මක වුණු අතර මේ වන විට එහි අවසන් අදියරට පැමිණ තිබෙනවා.

පළාත් නවයම ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.

මෙම ව්‍යාපෘති ඇගැයීමකට ලක්කර හොඳම ව්‍යාපෘති 10ක  සමාජිකයන් සඳහා විදේශ සංචාර, මුදල් ත්‍යාග ලබාදීමටද කටයුතු කරන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පෙන්වා දුන්නේ.

ග්‍රාමීය මට්ටමේ පවතින ගැටළු හඳුනාගෙන ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර විසඳුම් දීම මෙහි මූලික අරමුණයි. ව්‍යාපෘතියක් වෙනුවෙන් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රජය මඟින් ලබාදුන්න ද එම ව්‍යාපෘතිවල භෞතික නිමි වටිනාමක බොහෝවිට ඊට වැඩි වුණා. එහිදී අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම තරුණ කණ්ඩායම් විසින්ම කළ යුතු වුණා.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී තරුණ කණ්ඩායම්වලට විවිධ ගැටළුවලට මුහුණ දෙන්නට සිදූ වූවද ඒවා නිරාකරණය කර ගනිමින් ව්‍යාපෘතිය දියත් කිරීම ඔවුන්ට ලැබුණ අභියෝගයක්.

එලෙස එක් කණ්ඩායමකට මුහුණ දෙන්නට සිදූ වූ අභිභෝගයක් පිළිබඳවද ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ පැහැදිළි කළා.

(එම හඬපටය පහතින් අහන්න)