පුත්තලම - පාලාවිය ප්රදේශයේ පවත්වාගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා.
අද (04) පෙරවරුවේ සිදුවී ඇති මෙම පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි තරුණයෙකු බවද nethnews.lk වාර්තාකරු සඳහන් කළා.
පරණ යකඩ අතර තිබූ කිසියම් දෙයක් පුපුරා යන්නට ඇති බවට විශ්වාස කරන බව පොලීසිය පවසනවා. පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.