Tuesday, January 7, 2025

General line - 0115112241

අම්පාර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් (PHOTO)




අම්පාර ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදුකිරිම සඳහා මඩකළපුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත භාරදී තිබෙනවා.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමේ දී අඩුපාඩු සිදුව ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

එමෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ "බී" වාර්තාව අසම්පූර්ණ බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ශණයක් සිදුකිරිමට අවශ්‍ය උපදෙස් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ලබාදී තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න.