පුත්තලම දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් බව කියන පුද්ගලයින් 6 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ආණමඩුව - තෝනිගල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඉකුත් 02වනදා මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ ආණමඩුව ප්රදේශයේ ගංජා අළෙවි කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ආණමඩුව වැඩබලන මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ.