Tuesday, January 7, 2025

General line - 0115112241

සයිටම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා අන්තරේ ජනපතිට ලියයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ලිපියක් යොමු කර තිබෙනවා.

සයිටම්  ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි ඔවුන් මෙම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.

සයිටම් සටනේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ අදහස් සහ යෝජනා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවයි ඔවුන් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට පසුගිය දා තීරණය කෙරුණු නමුත්, එය සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිතව සඳහනක් කර නොමැති බව ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.