2018 මාර්තු 28,29,30,31 හා අප්‍රේල් 01 යන දිනයන්හීදි කුරුණෑගල, නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත විජයග්‍රාහී 9 වන "යොවුන් පුරය" වැඩසටහනට අදාළව මුලික අදියරේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ අද (04) උදෑසන එහි පැමිණියා.
මෙහිදී යොවුන් පුර වැඩසටහන සාර්ථක කරගන්නා ආකාරයත්, කඩිනම් හා නිවැරදි තීන්දු තීරණ ගනිමින් පරිසරය ආරක්ෂා වන අයුරින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදන ලෙස සභාපතිවරයා විසින් ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නා.
මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.