Sunday, September 8, 2024

General line - 0115112241

ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලලෝභියෙක් වෙලා ද?




ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉඟියක් පළ කර තිබෙනවා. ඒ, ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ඊයේ (04) පැවැති ජන හමුවකට එක්වෙමින්. එහිදී ජනාධිපති ට‍්‍රම්ප්, චීන ජනාධිපති සී ජින් පින් සිය ධූර කාලය දීර්ඝ කර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප‍්‍රශංසාව පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2012 වසරේදි චීනයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ සී ජින් පින් ඉකුත් වසරේදී දෙවන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස පත්වුණා. ඒ අනුව 2023 වසර වන තෙක් චීනයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ සී ජින් පින්.

එහෙත් 2023 වසරින් පසුවද චීනයේ ජනාධිපතිධූරයට සී ජින් පින්ව පත් කර ගැනීම පාලක කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂාවයි. එම කි‍්‍රයාව අගයන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව වුවද ඉදිරියේදී තීරණයකට එළඹෙනු ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති ට‍්‍රම්ප්ගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එරට දේශපාලන විචාරකයින් දැඩි විරෝධය පළ කරනවා.