මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පොලීසියට භාර විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමලවීර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වගකීම භාරගත යුතු බවයි.
වර්තමාන දේශපාලන තත්ත්වය සහ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ද කිසිඳු විශ්වාසයක් ජනතාව අතර නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව තමන් ගෙන එන විශ්වාස භංග යෝජනාව මෙම මස 06 වනදාට පෙර කතානායකවරයා වෙත භාරදීමට නියමිත බවයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමලවීර දිසානායක මෙම අදහස් පළ කළේ අම්පාරේදී මාධ්‍ය අද (04) අමතමින්.