Tuesday, January 7, 2025

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග බෑ - අමාත්‍ය වජිර අබේවර්ධන

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




පවතින තත්ත්වය යටතේ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේද ඒ සම්බන්ධයෙන් පැහැදිළිව දක්වා ඇති බවයි.

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් යනු එය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් වනු ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේ අද (04) පැවැති උත්සවයකදීයි.