Tuesday, January 7, 2025

General line - 0115112241

අයි එම් එෆ් බලපෑම් ගැන හිටපු මුදල් ඇමතිගෙන් අනාවරණයක්




ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටීමට බලපෑ හේතු පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක අද (04) අදහස් පළ කළා. ඒ, කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය දේ ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවක් නොවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යම් උපදෙසක් ලබාදෙන්නේ නම් ඊට ඇහුම්කන් දිය යුතුව ඇතත් එය ක්‍රියාත්මක ක්‍රියාත්මක කළ යුතු ද නැද්ද යන්න තීරණය රජය සතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය භාරය දැන් අවසන් වී ඇති බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් බැහැර වන ලෙසයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රැඩිකල් වෙනසක් සිදු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.