Thursday, December 26, 2024

General line - 0115112241

හිටපු ජනපතිට එරෙහි නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණය කැදවයි

අධිකරණ වාර්තාකරු




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ගොණුකර ඇති නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේදී අද (09) කැදවනු ලැබුවා. 

ඉකුත් ජනාධිපතිවරණය සමයේදී මහින්ද රාජපක්ෂ  මහතාගේ ප‍්‍රචාරණ කටයුතු සදහා යොදා ගත් ලංගම බස්රථ වෙනුවෙන් වැය කෙරුණු රුපියල් මිලියන 142 කට ආසන්න මුදලක් නැවත අය කර ගැනීම සදහා මෙම නඩුව ගොණුකර තිබුණා. 

නඩුවේ සංශෝධිත චෝදනා පත‍්‍රයට එරෙහිව ගොණුකර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය මේ මස 15 වනදා ප‍්‍රකාශයට පත් කිරීමටයි කොළඹ වාණිජ මහාධිකරණය තීරණය කළේ. 

හිටපු ජනාධිපතිවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පාර්ශව 5 ක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.