සුනාමි ව්‍යසනයට වසර 20ක් සපිරෙන අද ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් අද පෙරවරු 9යි 25 සිට පෙරවරු 9යි 27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා.
ඒ, සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහායි.
ජාතියේ නාලිකාව ලෙස නෙත් එෆ් එම් රේඩියෝවද විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කළේ යළි මෙවන් විපතක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමින්.
මේ අතර සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 6යි 50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබුණා.
පැරෑලියේදී සුනාමියට හසු වූ දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයක්.
මෙම ගමනට එක්වූ දුම්රිය රියදුරු මහතා නෙත් නිවුස් වෙත මෙලෙස සිය අත්දැකීම විස්තර කළා.
මේ අතර සුනාමි ව්‍යසනය සිහිපත් කරමින් රටේ ප්‍රදේශ කිහිපයක අද සැමරුම් වැඩසටහන් පැවැත්වුණා.
මේ, මාතර වැඩසටහන් පිළිබඳ වාර්තාව ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.
සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සමරා උතුරු පළාතේ ද ස්ථාන රැසක අද උදැසන සැමරුම් වැඩසටහන් පැවැත්වුණා.
ඒ, පුදුකුඩිඉරිප්පුව, වවුනියාව, මුලතිව් මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සිහිකිරීමට ස්ථාපිත කර ඇති සැමරුම් ස්මාරක අභියසදීයි.
මේ අතර සුනාමි ව්‍යසනය සිහිකරමින් හැටන් නගර මධ්‍යයේදීද අද පෙරවරුවේ ආගමික වතාවත් සංවිධාන කර තිබුණා.
විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම සඳහා හැටන් පොලිසියේ නිලධාරින් නගරය හරහා ධාවනය කල සියළුම වාහන නතර කිරිමට පියවර ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.