Thursday, December 26, 2024

General line - 0115112241

පෞද්ගලික බස් රථ රියදුරුට පහරදුන් මන්ත්‍රී අත් අඩංගුවට

වසන්ත පිවිතුරු/ දිනුක් හේවාවිතාරණ




දකුණු පළාත් සභා මන්ත්‍රී එම.කේ.කසුන් හා ඔහුගේ බිරිඳ අද (09) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තලංගම පොලිසිය විසින් මෙම අත්අඩංගුව සිදුකර ඇති බවයි.

කොස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.