එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙකු අද (09) ඉන්දියාවට පලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන කටුනායක පොලීසියට භාරදී තිබෙනවා.
ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානය පස්වරු 2-10 ට පිටත් වීමට නියමිතව තිබියදී මොහු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ දහවල් 12 ට පමණ බවයි වාර්තා වන්නේ.
මුරුගයියා කෝමලගන් නැමති මොහු ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන වසර හයක්ම එල්.ටී.ටී.ඊ.සැකකරුවකු ලෙස රඳවා සිට 2016 සැප්තැම්බර් මස 23 වෙනිදා නිදහස් වූ අයෙක් බවයි.
අධිකරණය විසින් මොහුව නිදහස් කරණ අවස්ථාවේදී ඔහුට ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම තහනම් කර තිබූ අතර ඔහු මාසයකට වතාවක් පොලීසියේ අත්සන් කිරීමටද නියම වූ අයෙක්.
මොහු ඉන්දියාවට යන අවශ්‍යතාවය වශයෙන් සඳහන් කර ඇත්තේ කෝවිලක පූජාවක් සඳහා තමන්ට සහභාගි වීමට නියමිතව තිබූ බවයි.
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ මොහු යාපනය මහනගර සභාවේ සභිකයෙකු වශයෙන්ද කටයුතු කර තිබෙනවා.
කටුනායක පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.