ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීති තත්ත්වය අනවශ්‍ය ආකාරයට දීර්ඝ නොකිරිමට මෙරට රජය වග බලා ගත යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් නිරික්ෂණ මධ්‍යස්ථානය පවසනවා.රට තුල උද්ගතවී ඇති තත්ත්වයට හදිසි නීතිය යටතේ පියවර ගත යුතු බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ.
ජාත්‍යන්තර මානව හිමිකම් නිරික්ෂණ මධ්‍යස්ථානයේ ආසියානු කලාප භාර අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබෙනවා.ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළු ජාතීන්ගේ ආරක්ෂා තහවුරු කරන බවට ලක් රජය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ පොරොන්දු වී ඇති අතර එය නිසි පරිදි ඉටුකිරිමට වග බලා ගත යුතුව ඇති බවයි ඇය පෙන්වාදී ඇත්තේ.
නමුත් එම පොරොන්දු ඉටු නොකර ශ්‍රී ලංකාවේ ජාතිවාදය යළි හිස ඔසා ඇති ආකාරය තමන්ට නිරික්ෂණය වන බවත් නැවත වතාවක් ලක් රජය විසින් ලබාදී ඇති පොරොත්දුව තමන් සිහිපත් කර සිටින බවත් ජාත්‍යන්තර මානව හිමිකම් නිරික්ෂණ මධ්‍යස්ථානයේ ආසියානු කලාප භාර අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දැනට ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය යටතේ පවතින ගැටළුවලට විසඳීම් සෙවීමට පමණක් යොදා ගත යුතු බවත් ඉන් ගැටුම් පාලන කළ යුතු බවත් සඳහන් කර කළා.
එමෙන්ම මෙම හදිසි නීතිය හුදෙක් හමුදාවට අනිසි බලයක් ලබාදීමක් බවට පත්විය නොයුතු අතර අවශ්‍යතාවය අවසන් වූ විගස හදිසි නීතිය ඉවත් කර ගැනීමට ලක් රජය වග බලාගත යුතු බව ද ඇය සඳහන් කර තිබෙනවා. තමන් ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන බවද ආසියානු කලාප භාර අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි තවදුරටත් සඳහන් කර තිබෙනවා.