මහනුවර මහනගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයේ සෙසු ප‍්‍රදේශවලට පනවා තිබූ ඇදිරිනීතිය අද (10) අලූයම 5 ට ඉවත් කෙරුණා. මේ වනවිට මහනුවර දිස්ත‍්‍රික්කය තුළ සාමකාමී වාතාවරණයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මේ අතර ඉකුත් දිනවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඉකුත්දා ඇති වූ සිද්ධින් මෙහෙය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනෙකු රැඳවුම් නියෝග මත තවදුරටත් ප‍්‍රශ්න කරමින් පවතිනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ අදාළ සැකකරුවන්ට නායකත්වය දුන් සහ මුල්‍යාධාර දුන් පාර්ශව පිළිබද අදාළ විමර්ශන සිදුකරන බවයි.