මහනුවර දිස්ති‍්‍රක්කයේ ප්‍රදේශ කිහිපයක ඉකුත්දා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබද සොයා බැලීමට සර්ව පාක්ෂික කමිටුවක් අද (10) එම ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. ඒ, පසුගිය බ්‍රහස්පතින්දා පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුවයි.
ඒ අනුව කතානායක කරූ ජයසූරිය මහතා ප්රමුඛ පක්ෂ නායකයන් අද දිනයේ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැවසුවේ පක්ෂ නායකයින් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සහ ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික නායකයින් සමග මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
එමෙන්ම පක්ෂ නායකයන් කලහකාරී සිදුවීම් ඇති වූ ප්‍රදේශද නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.