ඒකාබද්ධ විපක්ෂය සහ ශි‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මෙවර මැයි රැළිය පවත්වන ස්ථානය පිළිබඳව ඊයේ (14) පැවැති සාකච්ඡාවේදී තීරණයකට එළඹ තිබෙනවා.
ඒ අනුව මෙම මැයි රැළිය ගාල්ලේදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඊයේ රාතී‍්‍රයේ මෙම සාකච්ඡාව පැවැත් වුණා.
ඒ අනුව එම කටයුතු සංවිධානය කිරීම සඳහා මැයි දින කමිටුවක්ද පත් කර තිබෙනවා.
එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ගාමිණී ලොකුගේ මන්තී‍්‍රවරයායි. එම කමිටුව සඳහා පත් කෙරුණු සෙසු සාමාජිකයන් වන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ සහ ෂෙහාන් සේමසිංහයි.