Sunday, December 22, 2024

General line - 0115112241

ෆේස්බුක් සාකච්ඡා ඇරඹෙයි - ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ගැනත් අනාවරණය වෙයි

හේමන්ත කහවලගේ




ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පනවා ඇති වාරණය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු අතර සාකච්ඡා අද (15) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ෆේස්බුක් සමාගමේ ඉන්දියානු නියෝජ්‍ය ප‍්‍රධානියා මෙන්ම මහජන ප‍්‍රතිපත්ති පිළිබඳ ප‍්‍රධානී ශිව්නාත් තුප්රාල් ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්ව සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

වෛරී ප‍්‍රකාශ  පැතිරයාම පාලනය කිරීම, හදිසි අවස්ථාවන්හිදී කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීමේ කි‍්‍රයාවලියක් හඳුන්වාදීම ඇතුළු කරුණූ ගණනාවක් කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති. මෙම නියෝජිත පිිරිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

මේ අතර මෙරට ෆේස්බුක් ගිණුම්වලින් සියයට 16ක් ව්‍යාජ ගිණුම් බව අනාවරණ වී තිබෙනවා.