Monday, December 23, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු! ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්




මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල සැකකරුවකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අද (15) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මාර්තු මස 08වනදා පෙනී සිටින ලෙස,  අධීකරණය  හිටපු මහ බැංකු අධිපතිවරයාට මීට පෙර නොතීසි නිකුත් කර තිබුණා. එහෙත් ඔහු එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

දැනට සැක පිට අත්අඩංගුවේ පසුවන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මාර්තු 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළා.