Monday, December 23, 2024

General line - 0115112241

ඉස්සරට වැඩිය ශ්‍රී ලංකාවේ වැසියන් සතුටින්

දිනුක් හේවාවිතාරණ




2016 වසරට සාපේක්ෂව 2017 වසරේදි ශ්‍රි ලාංකිකයින් සතුටින් සිටින බවට මෙම වසරේදි නිකුත් කල "ලොව ප්‍රිතිමත් වාර්තාව" (World Happiness Report 2017)  සඳහන් කර සිටිනවා. ඒ 2016 වසරට වඩා ස්ථාන 4 කින් ඉහලට පැම්ණිමට ශ්‍රි ලංකාව සමත්විමත් සමගයි.

2016 වසරේදි ලොව ප්‍රිතිමත්ම රටවල් අතුරින් ශ්‍රි ලංකාවට හිමිවුයේ 120 වන ස්ථානය වන අතර 2017 වසරේදි එය 116 දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව "ලොව ප්‍රීතිමත් වාර්තාවේ" සදහන් වෙනවා.

එම වාර්තවට අනුව අසල්වැසි ඉන්දියාව 2016 වසරේදි 122 ස්ථානයේ පසුවු අතර 2017 වසරේදි ඔවුන් ස්ථානගතවි සිටින්නේ 133 වන ස්ථානයේ විමද විශේෂත්වයක් වෙනවා.

මෙවර "ලොව ප්‍රිතිමත්ම වාර්තාවේ" පළමු ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටින්නේ ෆින්ලන්තය වන අතර 2016 වසරේදී ඔවුන් පසුවුයේ 5 වන ස්ථානයෙයි.

එම වාර්තාව අනුව ඇමෙරිකාව පසුවන්නේ 18 වන ස්ථානයේ වන අතර එය පසුගිය 2016 වසරට සාපේක්ෂව ස්ථාන 14කින් පසුබැස තිබිමද  විශේෂත්වයක් ගනු ලබනවා.

"ලොව ප්‍රීතිමත් වාර්තාව" පිළිබද වන වාර්තාව සදහා මෙම ස්ථානයෙන් පිවිසෙන්න