හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති ලිත් නඩුව කොළඔ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීම වලකාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන මැයි මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.
ඒ අභියාචනාධීකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරුවන් ඉදිරියේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදීයි. නීතිපතිවරයා විසින් මෙම අතුරු තහනම් නියෝගයට එරෙහිව විරෝධතා ගොනු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගේගේ විරෝධතා අපේ‍්‍රල් මස 06 වනදා වන විට ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.