Monday, December 23, 2024

General line - 0115112241

ජනමත විචාරණ, 2/3 ජය එපා! ඒකාබද්ධ විපක්ෂයේ පෙත්සමට එරෙහිව ඇමතිවරු 4ක් සමග 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි




ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ශවයන් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් වලට එරෙහිව මැදිහත් පාර්ශවයන් ලෙසට කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු 11 දෙනෙකු අද පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා.

රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ඇමැති පාඨලී චම්පික රණවක, රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, රාජ්‍ය ඇමැති අජිත් පි. පෙරේරා, මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු පුද්ගලයින් 11ක් මෙම පෙත්සම් ගොනු කරමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධානය පනත් කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොමැති බවත්, එබැවින් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු විශේෂ බහුතර සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට මැදිහත්කාර පාර්ශවයන් මෙම පෙත්සම් වලින් කරුණු දක්වා තිබෙනවා.

 ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජි.එල් පීරිස් ඇතුළු පිරිසක් මෙම පනත් කෙටුම්පතට එරෙහිව විශේෂ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙනවා. තවද අල්ලස් කොමිසමට හා නීතිපතිවරයාට නඩු පැවරීමේ බලතල හිමිවන බවත් එමගින් නීතීඥවරුන් නියෝජනයද කප්පාදු කිරීමකට ලක් වන බවද එම පෙත්සමේ සඳහන්.