ලබන 20 වනදා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව පරීපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා. කලක් තිස්සේ ඉදිරිපත් කෙරුණු සිය ඉල්ලීම් කිහිපයකට තවමත් විසදුම් ලබා නොදීම හේතුවෙන් මෙම වැඩවර්ජනය සිදු කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
නව ස්ථාන මාරු ක‍්‍රමවේදයක් ස්ථාපිත කරන තුරු තිබෙන ක‍්‍රමවේදයට ස්ථාන මාරු මණ්ඩල පැවැත්වීම එක් ඉල්ලීමක් වනවා. ප‍්‍රමාද වී ඇති උසස් වීම් කඩිනමින් ලබා දීම, නව වාහන බලපත‍්‍ර ලබාදීමේදී පරිපූරක වෛද්‍ය සේවා නිළධාරීන්ද ඇතුලත් කර ගැනීම සහ පරිපුරක වෛද්‍ය සේවා පළාත් ග‍්‍රහනයෙන් ඉවත් කර දීප ව්‍යාප්ත සේවයක් බවට පත් කිරීම ඔවුන්ගේ සෙසු ඉල්ලීම් වනවා.