බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කොට තිබෙනවා.
පොලොන්නරුව ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමිකයින්ට අපහාසයක් වනසේ සහ ජාතික සමගියට හානි වන ප්‍රකාශයක් කළේ යැයි, සංවිධානාත්මක අපරාධ නිවාරණ කෝට්ඨාශය ගොනුකර ඇති නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී, උන්වහන්සේ වෙනුවෙන් කිසිවකු හෝ අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම නියෝගය නිකුත්කොට තිබෙනවා.
මේ වනවිට අධිකරණයේ අවසරය මත උන්වහන්සේ දිවයිනෙන් බැහැරව සිටීම විශේෂත්වයක්.