මහනුවර ඉකුත්දා ඇතිවූ ගැටුම් හේතුවෙන් විපතට පත්වූවන්ට වන්දි ලබා දීම මේ වනවිට ආරම්භ කර ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
හානිවූ ගොඩනැගිලි සඳහා ද වන්දි ලබා දීමට නියමිතයි. ආගමික සිද්ධස්ථාන සඳහා වන්දි ලබා දිමට මෙහිදී ප‍්‍රමුඛතාව ලබා දෙන බව ද අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියා. හෙට දිනයේදී වන්දි ලබා දීමේ විශේෂ ජංගම සේවාවක් ද සිදු කිරීමට නියමිතයි.
වන්දි ගෙවීම ඉතා කෙටි කලක් තුළ අවසන් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.