නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බවට කොඅරන ප්‍රකාශ පිළිගත නොහැකි බව සයිටම් මව්පියන්ගේ සංගමය අද නැවත කියා සිටියා. ඒ පිිළිබඳ අදහස් දක්වන එම සංගමයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න විමසා සිටියේ මෙම රෝහල සඳහා බිලියන 2.5ක ණයක් ඇත්නම්, රෝහල රජයට පවරාගත්තේ කෙසේද යන්නයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බවට කෙරුණු ගනුදෙනුව වංචාවක් බැවින් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා වහා අත්අඩංගුවට ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.