Monday, December 23, 2024

General line - 0115112241

කොළඹ කුණු බෝලය ඇමතිවරු පාස් කරගනී




කොළඹ කසළ ගැටලූව සම්බන්ධයෙන් කිසිදු වගකිමක් තමන්ට භාරගත නොහැකි බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

"කොළඹ කසළවලට අපේ අමාත්‍යංශයේ කිසි සම්බන්ධයක් නැහැ. එය කලමණාකරණය කිරීම මහ නගර සභාවේ වගකීමක්. ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් කසල අංගනයක් තියෙනව. වෙන්කර ගෙන එන කසල ඕනම කෙනෙකුගෙන් අපි බාර ගන්නවා" යැයිද අමාත්‍යවරයා පැවසුවා.

නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ ඉවත් නොකරන ලද කැළි කසළ කොළඹ නගරයේ තැන් තැන්වල ගොඩගැසී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක යටතේ ඇති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයද වගකිවයුතු බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය කියා සිටියා.  

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික‍්‍රමරත්නගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ නිසි ලෙස වර්ගීකරණය කළ කසළ පමණක් කොළඹ මහ නගර සභාව විසින් එකතු කර බැහැර කරන බවයි. වර්ගීකරණය නොකළ කසළ ද හැඅකි පමණ එකතු කර බැහැර කරන නමුත් එය දුෂ්කර බව ද ඔහු කියා සිටියා.